Global Platform For All Sri Lankans

නිදහස් පක්ෂ අපේක්ෂකයාට වෙඩි ප්‍රහාරයක්..

 

ඉදිරියට පැවැත්වීමට නියමිතව ඇති ප්‍රදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයෙකුට මිද්දෙනිය, ජුලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මිද්දෙනිය පොලිසිය සඳහන් කළේ, කේ.කේ. ප්‍රභාත් ඉන්දික නමැති පුද්ගලයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවත්, එම වෙඩි පහර ඔහුගේ උරහිස් ප්‍රදේශයට එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත්, තුවාල ලැබූ ඔහු ඇඹිලිපිටිය රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුලත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව‍යි පොලිසිය සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads