Global Platform For All Sri Lankans

අයියාගේ මධුසමය දා , පෙම්වතා සමඟ හෝටලයට පැමිණි නංගී හදිසියේම අවසන් ගමන් ගිහින්..

 

විවාහ වී මධුසමය ගත කරමින් සිටි අයියා ඇතුළු පිරිස සමඟ හෝටලයේ නාන තටාකයේ නාමින් සිටි නංගී දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, අම්බලන්ගොඩ ගොඩහේන, කුලරත්න පාරේ අංක 64/5 හි පදිංචිව සිටි තුයියලාගේ මනීෂා සෙව්වන්දි නමැති අවිවාහක තරුණියක්.

මීට මාස දෙකකට පමණ ඉහතදී, විදේශ රටක සිට පැමිණි සොහොයුරාගේ විවාහ මංගල උත්සවය හික්කඩුව, පින්නදූව ප්‍රදේශයේ හෝටලයක පවත්වා මධුසමය ගත කිරීමට අහුන්ගල්ලේ හෝටලයකට පසුගිය 18 වැනිදා පැමිණ තිබෙනවා.

මනාල යුවළගේ සුව දුක් විමසීමට පසුදා වන 19 වැනිදා පෙරවරු නවයට පමණ මව සහ නැගෙනිය විවාහ වීමට සිටි පෙම්වතා සමඟ හෝටලයට පැමිණ ඇති අතර,

එහිදී , නාන තටාකයේ නෑමට පුළුවන්දැයි විමසූ විට කළමනාකාරිත්වය ඊට අවසර දීමෙන් පසු දහවල් දොළහට පමණ නිවසට ගොස් ඇති මැය පෙම්වතා සහ අසල්වැසි නිවසක කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු සමඟ පැමිණ නාමින් සිටියදී එකවර දියේ ගිලී තිබෙනවා.

එහි සිටි පිරිස ඇය වහා නාන තටාකයෙන් ගොඩට ගෙන බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads