Global Platform For All Sri Lankans

ඇහුවොත් පුදුම හිතෙන , අම්බානි පවුලේ විස්තරේ..

 

ලෝකයේ දස වන ස්ථානයේ ඉන්න දානපතියා වන ඉන්දියාවේ කෝටිපති අම්බානිගේ බිරිඳ ගැන ඕප දූප ටිකක් හොයා ගෙන ආව ඉති,

අම්බානිගේ බිරිඳ නීටා.ඇයට ඉන්දියාවේ ඇවිදින ජුවලරි ශොප් එක කියලයි ඒ රටේ මිනිස්සු කියන්නෙ.අම්බානි තම බිරිඳට මිලියන ගණන් වටිනා ආභරණ තෑගි ලෙස පිලිගන්වන අතර, ඇය එක් වරකට වඩා එම ආභරණ නැවත පලඳින්නේත් නැතිලු.

වරක් උස ගොඩනැගිල්ලක සාදයකට සහබාගි වෙලා අවට විව් එක දැකපු අම්බානිගේ බිරිඳ අවට ලස්සන ගැන කීවම දෙවරක් නොසිතා හැකි ඉක්මනින් ඉන්දියාවේ උසම නිවහන ඇයට අම්බානි විසින් නිම කරදීල තියනවලු.තට්ටු 27ක් සහ විදුලි සෝපාන 9කින් සමන්විත මෙම නිවසේ සේවයට සේවකයන් 600කට වඩා පිරිසක් ඉන්නවලු.

ඇයගේ උපන්දිනය වෙනුවෙන් අම්බානි තෑගි කල හෙලිකොප්ටර් ගාල් කිරීමට හෙලිකොප්ටර් අංගන තුනක් ද නිවසේම සකස් කරලා තියනව කියලත් කියනවා.

ඇය අසනීප වූ විටක ප්‍රතිකාර සඳහා නිවස තුලම රෝහල් පහසුකම්ද සපයල තියනවලු.

තරු 5 හෝටලයක් සහ චිත්‍රපට ශාලාවක්.

වරින් වර මිලදී ගත් අදි සුකෝපභෝගී වාහන 168 නිවසේම තියනව කියල කියනව.

අම්බානි තම බිරිඳට ලබා දෙන්නේ ප්ලැටිනම් අත් බෑග්ලු.

ඩයමන් ඇල්ලූ ලෝකෙටම එකක් වන කාර් එකකටත් ඇය හිමි කම් කියනවලු.

ඒ වගේම අම්බානි බිරිඳ හිම වලට ආස නිසා ඇය වෙනුවෙන්ම හිම අංගනයක් ද අම්බානි විසින් නිවස තුලම හදල දීල තියනවලු.

මීට වසර දහයකට පෙර මිලියන තුන්සිය විස්සක් වටිනා කැරට් දහ අටක රෝස ඩයමන් එකක් ඇල්ලූ ජංගම දුරකථනයක් ඇයට තෑගි ලෙස ලැබිල තියනවා.
ඇය සංචාරයට වඩාත් ප්‍රිය කරනා සෑම රටකම තමන්ටම වෙන්වූ නිවසක් බැගින් රටවල් ගණනාවක ඇය කැමතිම අයුරින් සැකසුව සුකෝපභෝගී නිවාස තියනව කියල කියනවා.

මේ දිනවල පැවැත්වෙන ඔහුගේ පුතුගේ විවාහයට සහබාගී වන ධන කුවේරයන් හටත් කෝටි දෙකක් වටිනා ඔරලෝසුවක් තෑගි දීමට අම්බානි කටයුතු කරල තියනවා කියලත් ඔය කියන්නෙ.

( – උපුටා ගැනීමකි.. )

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

දුරකථන සිහිනයෙන් ආ මාරයා…

  විනෝදයට ක්‍රීඩා කිරීමට පියා ජංගම දුරකතනයක් ලබා නොදීමේ නිසා යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙළ

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads