දේශීය

ඝාතන තුනක වෙඩික්කරුවෙක් ඇතුළු 03ක් අල්ලයි

හෙරොයින් ග්‍රෑම් 106ක් සමග ඝාතන තුනක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ඊයේ (27) පස්වරුවේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 44ක යුද හමුදා සේවය අතහැර ගිය පුද්ගලයෙකු හා අවුරුදු 40 සහ 30ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි
පොලීසිය පැවසුවේ.

වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයා ඩුබායිහි සංවිධාන අපරාධකරුවෙකු යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ හෙරොයින් ජාවාරම් නිරත අයෙකු ලෙසට ද හඳුනාගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 88යි මිලිග්‍රෑම් 490ක්ද තිබූ බවයි.

Shares: