දේශීය

ජගත් මනුවර්ණට වරෙන්තු නිකුත් කෙරේ

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

අද (29) දිනයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැදවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජගත් මණුවර්ණ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් සඳහන් කළේ ඉඩම් බෙදා දීමේ ජාතික උත්සවයකට තම සේවාදායකයා සහභාගි වී ඇති බැවින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

කෙසේවෙතත් කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකරුට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

Shares: