විදෙස්

ලොව උසම පල්ලිය බවට ‘සග්‍රඩා ෆැමිලියා’ පත්වෙයි

ලොව උසම පල්ලිය බවට ස්පාඤ්ඤයේ සග්‍රඩා ෆැමිලියා (Sagrada Família) දේවස්ථානය පත්ව තිබෙනවා.

බාසිලෝනා නගරයේ ඉදිවෙමින් පවතින මෙහි මධ්‍යම ගොඩනැගිල්ල මුදුනේ කුරුසියේ පළමු කොටස තැබීමත් සමග එය ලොව උසම පල්ලිය බවට පත් වී තිබෙනවා.

ඒ අනුව, මෙම දේවස්ථානයේ වත්මන් උස මීටර් 162.91ක් වනවා.

මේ සමග වසර 135ක (1890 සිට) සිට ලොව උසම පල්ලිය බවට පත්ව තිබූ ජර්මනියේ උල්ම් මිනිස්ටර් (Ulm Minster) පල්ලියේ වාර්තාව නිල වශයෙන් අභිබවා ගොස් තිබෙනවා.

සග්‍රඩා ෆැමිලියා පල්ලිය ලොව විශාලතම නිම නොකළ කතෝලික පල්ලිය ද වන අතර, එය වසර 143කට (1882 සිට) වැඩි කාලයක් තිස්සේ ඉදිවෙමින් පවතිනු ඇති.

එහි ප්‍රධාන ගොඩනැගිල්ල ලබන වසරේ දී නිම කිරීමට නියමිත වනවා.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ඉතිරි කුරුස කොටස් එකතු කිරීමත් සමග සග්‍රඩා ෆැමිලියා පල්ලියේ සමස්ත උස මීටර් 172ක් දක්වා ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Shares: