කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ගිනි අවි සහ ජීව පතොරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
කඩුවෙල පොලිස් වසමේ වැලිවිට ප්‍රදේශයේදී සැකකරුවෙකු ගිනි අවි සහ ජීව පතොරම් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ (13) උදෑසන සිදු කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙහෙයුම අතරතුර නිලධාරීන් සොයාගෙන තිබුයේ,
* බලපත්‍ර රහිත බෝර 12 ෂොට්ගන්
* රයිෆලයක්
* බෝර 12 පතොරම් උණ්ඩ 15 ක්
* රයිෆල් පතොරම් උණ්ඩ 2 ක්
* මැගසිනයක්
* මිලිමීටර් 7.62 සජීවී පතොරම් උණ්ඩ 50 ක්
අත්අඩංගුවට ගත් පුද්ගලයා කඩුවෙල ප්‍රදේශයේ 48 හැවිරිදි පදිංචිකරු ලෙස හඳුනාගෙන ඇති අතර, කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.











