ගොවි ජනතාවට මුහුණ පෑමට සිදුවන පොල් වගාවේ ගැටළු ලබන සඳුදා සිට 1916 ට කියන්නැයි පොල් වගාකිරීමේ මණ්ඩලය පවසනවා.
පොල් වගාවට අදාල සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව මෙම දුරකථන අංකය මගින් දැනුම් දෙන කවර ගැටළුවකට වුවද ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ගැටළු සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දීමට මණ්ඩලය සුදානම් බව ද දැනුම් දී තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 45