අද (07) පෙ.ව.9.00 සිට ප.ව 9.00 දක්වා පැය 12 ක කාලයක් මීගමුව ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ මීගමුව ජල සම්පාදන ක්‍රමයේ පෙරියමුල්ල ජල කුලුනෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
එහිදී ජල සැපයීම අත්හිටුවන ප්‍රදේශ පහතින්,
පෙරියමුල්ල, එත්තුකාල, කුඩා පාඩුව, දළුපොත, කට්ටුව, ලෙවිස් පෙදෙස, සෙල්ලකන්ද පාර, වැල්ල වීදිය











