2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව සිංහල හා දෙමළ පාසැල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් 08 වන සඳුදා දිනයේ ආරම්භ වන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 24 වන සඳුදා දින ආරම්භ වීමට නියමිතයි.











