දේශීය

කෝටි 04ක් වටිනා කුෂ් සමග 03ක් අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 22ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 4ක්.

සැකකරුවන් අවුරුදු 26 සහ 34 යන වයස්වල පසුවන කොළඹ 12, 15 සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

Shares: