පාර්ලිමේන්තුවේ සිදුවන පිල් මාරුව පැරිස්වල තියෙන කෙටි දුර සහ දිගු දුර පැනීම්වලට වඩා එහා ගිය පැනිලි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය පවසනවා. ඇය මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමින්.
එහිදී ඇය කියා සිටියේ පැරිස්වල තිබු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් යැව්වානම් පදක්කම් ටිකක් ගන්න තිබු බවය.
එමෙන්ම මේ පාලකයින් මේ මොහොතෙත් දඟලන්නේ තමන්ගේ පාලනය පවත්වාගෙන යාමට මොනවා හරි කරලා තව ටිකක් පාලන බලයේ රැදෙන්න උත්සහා කරන බව ඇය කියා සිටියා.
මේ වන විට සහාය දෙන පිරිස් ගැන කිසිදු වගකීමක් රනිල් වික්‍රමසිංහට නැති බව ප්‍රකාශ කිරීමෙන් ගම්‍ය වන්නේ ඔහු එම කණ්ඩායම සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව මන්ත්‍රී හරිනි අමරසුරිය වැඩිදුරටත් සදහන් කළා.
Author: Lanka Hit News
Post Views: 41