උණුසුම් පුවත්

ආපදා සහන ක්‍රියාන්විතයේ ත්‍රිවිධ හමුදාවේ 28,500ක්

ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් තවදුරටත් යොදවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පවසනවා.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටි පුද්ගලයින් 31,057 දෙනෙකු මුදා ගැනීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බිදවැටුණු විදුලි සංදේශන පද්ධතිය සියයට 75කට වඩා මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියා සිටියා.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්ධුල හේරත් මහතා සඳහන් කළේ බිදවැටුණු ෆයිබර් සබඳතාද යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි.

මේ අතර ආපදා තත්ත්වය හමුවේ මෙරටට පැමිණි කිසිදු සංචාරකයෙකුට බරපතල බලපෑම් එල්ල වී නොමැති බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවා.

එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා ප්‍රකාශ කළේ සියලුම සංචාරක ගමනාන්ත වෙත මේ වන විට ප්‍රවේශ වීමේ හැකියාව පවතින බවයි.

Shares: