උණුසුම් පුවත්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් විවෘත කෙරේ

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා මේ වනවිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මාවනැල්ල පොලීසියයි මේ බව දැනුම් දුන්නේ.

එම මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා අද (04) උදෑසන සීමා කිරීමට පියවර ගෙන තිබුණා.

මෙසේ අද පෙරවරුවේ ගමනාගමන සීමා පැනවූයේ පසුගියදා වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කන්දක් හා ගල් පෙරළීමක් සිදුවූ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයයි.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම ස්ථානයේ පරීක්ෂා කිරීමක් සිදුකරන බවත්, එබැවින් අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සහන ක්‍රියාන්විතයට අයත් රථ සඳහා පමණක් එම ස්ථානයෙන් ගමන් කිරීමටයි අවසර ලබාදී තිබුණේ.

කෙසේවෙතත් මේ වනවිට එම ප්‍රදේශය මාර්ගය වාහන ගමනගමයට යළිත් විවෘත කර තිබෙනවා.

Shares: