විදෙස්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 3ක ආධාර

ආසියානු සංවර්ධන බැංකුව මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර ප්‍රධානයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ආපදාවෙන් විපතට පත් ජීවිත බේරාගැනීම සහ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මෙම ප්‍රධානය සිදුකරන බවයි ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා ප්‍රකාශ කර ඇත්තේ.

එම බැංකුව තීරණය කර ඇත්තේ පසුගිය දා සිදුවු ආපදා හේතුවෙන් හානියට පත් ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 3 සදහා ක්ෂණික ප්‍රධානයන් සිදුකිරීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 3ක්, තායිලන්තයට සහ වියට්නාමයට අමෙරිකානු ඩොලර් මිලියන 2 බැගින් ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වු ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා හදිසි ජීවිතාරක්ෂක ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ලබා දීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන කණ්ඩායම්වලට සහයවීමක් වශයෙන් මෙම ආධාර ලබා දෙන බවයි.

Shares: