කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සබරගමුව සහ දකුණ පළාත්වලත් කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගුගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම ගුගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.
මේ අතර, දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය මට්ටමක් කරා පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථානවල දත්ත අනුව කිසිදු ජලාශයක ගංවතුර මට්ටමක් තවදුරටත් නොපවතින බවයි.











