සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය නිවුන් සහෝදරියන් දෙපළක් වන අනූ සහ කනූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, ඔවුන්ගේ නම් සඳහන් කරමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන්.
ඉන් අනතුරුව ඉතා සංවේදී වෙමින් එම සහෝදරියන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.
“අද අපි දෙන්නා CID එකට ආවා. ඊයේ රෑ ඉඳන් අපි දෙන්නාගේ නම් සඳහන් කරලා වීඩියෝවක් ශෙයාර් වනවා. AI ක්ලිප් එකක්. ඇත්තටම මීට කලිනුත්, AI Edit එකකින් වීඩියෝ එකක් ශෙයාර් වුණා. ආයේ ආයෙත් ඒ කණ්ඩායම ම මේ පහත් වැඩේ කරනවා. ගිය සැරේ නම් අපි මේ වැඩේ නොසලකා හැරියා, මොකද ඒකට ෆේස් කරන්න තරම් හිතේ හයියක් තිබුණේ නැහැ. දැන් පීඩනය වැඩියි. ඒ නිසා අපි දෙන්නාට සිදු වුණා. නීති ක්‍රියාමාර්ග ගන්න. හැබැයි CID එක අපිට ලොකු සපෝට් එකක් දුන්නා අපිට. කණ්ඩායමක් මේ වෙද්දී හඳුනගෙන තියෙනවා. ඒ ගොල්ලන්ව අත්අඩංගුවට ගන්න දැනටමත් ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ. හැබැයි තවදුරටත් මේ වීඩියෝව ශෙයාර් කරන අය සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග හෙට ඉඳන් ගන්නවා. ඉතිං මට ඉල්ලන්න තියෙන්නේ, ගැහැනු ළමයින්ට මේ වගේ දේවල් කරන්න එපා. ගැහැනු ළමයින්ට මේක ලොකු පීඩනයක්. හරිම අමාරුයි. ඇත්තටම ඒක හරිම අමාරුයි දරාගන්න. කිසිම ගැහැනු ළමයෙක්ට මේ දේ කරන්න එපා.”