Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට මියයන සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් ඒ සඳහන් කළේ, රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට මියයන පුද්ගලයින් ගණන යුද සමයේ මියගිය ප්‍රමාණයට වඩා වැඩි බවයි.
මාර්ග විනය පවත්වාගෙන යෑම අතිශය වැදගත් බව සඳහන් පොලිස්පතිවරයා කියා සිටියේ මෙය නොපෙනෙන ත්‍රස්තවාදයක් බවයි.
පසුගිය දිනවල රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 9කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බව ද පැවසු වැඩබලන පොලිස්පතිවරයා, එය 4ක් දක්වා අවම කරගැනීමටත් ඇතැම් දිනවල 2ක දක්වා අඩු වූ බවත් කියා සිටියා.
එමෙන්ම දිනකට පුද්ගලයින් 10 – 15ත් අතර පිරිසක් රිය අනතුරු හේතුවෙන් සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වෙන බවත්, යුද සමයේ දිනකට මියගියේ පුද්ගලයින් 4 – 5ක් වැනි ප්‍රමාණයක් බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළා.
වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ, පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් පසුගිය දෙසැම්බර් 25 වන නත්තල් දිනයේ දී කිසිදු රිය අනතුරක් වාර්තා නොවූ අතර එය සුවිශේෂි අවස්ථාවක් බවයි.