පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගෙටම මුහුණ දීමට සිටින දරුවන්ට ඇතැම් මවුපියන් විසින් ලබා දෙන පීඩනකාරී තත්ත්වය නිසා ඔවුන් රෝග රැසකට ගොදුරු වී ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිසා මව්පියන් විසින් දරුවන් පීඩාවට පත් කිරීම හේතුවෙන් ඔවුන් බිය වී බඩේ කැක්කුම වමනය හිසේ කැක්කුම සහ ශරීර කෘත්‍යයන් හරියට සිදු නොවී පීඩාවන් රැසකට මුහුණ දී ඇති බවයි.
එසේ රෝගී වූ දරුවන් දිවයින පුරා රෝහල් රැසකින් වාර්තා වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත්, වෛද්‍යවරයා මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් පීඩාවට ලක් නොකොට ඔවුන්ට නිසියාකාරව අධ්‍යාපනය ලබාදෙන ලෙසටයි.
එසේම , පාසල් දරුවන් රැසක් නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ඉගෙනීම හැදෑරීම සම්බන්ධව දෙමාපියන් සතුටට පත්වුවද, බොහෝ දරුවන් ප්‍රමාණයක් ඒ මඟින් digital තිර වලට ඇබ්බැහි වීම හේතුවෙන් ද ලෙඩ රෝග රැසකට දරුවන් මුහුණදී සිටින බවද සමීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
එසේම වෛද්‍යවරුන්ගේ මතයට අනුව, දරුවන් නිතරම ඩිජිටල් තිරයට යොමුවී සිටීම ලෙඩ රෝග රැසකට මං පාදන හේතුවක්.