Global Platform For All Sri Lankans

ඉන්දීය යාත්‍රාවක් පැහැරගෙන කැබලි කර විකිණූ 03ක් අත් අඩංගුවට

ඉන්දීය ධීවර යාත්‍රා පැහැරගෙන කොටස් කර විකිණූ ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

07 දෙනෙකුගෙන් යුත් මේ කණ්ඩායම යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ රැඳී සිටිමින් ධීවර යාත්‍රා පැහැරගෙන කොටස්වලට ගලවා අලෙවි කිරීම කාලයක් තිස්සේ කරගෙන ගොස් තිබෙන බව පැවසෙනවා.

පසුගිය දිනක ඉන්දීය යාත්‍රාවක් පැහැරගෙන කොටස් කර අලෙවි කිරීමෙන් පසුව එහි මුදල් බෙදා ගැනීමට යාමේදී ආරවුලක් ඇතිවී තිබෙන බවත් එකිනෙකාට පහර දීගෙන ඇති බවත් පැවසෙනවා.

එහිදී එක් පුද්ගලයෙකු පේදුරුතුඩුව පොලීසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමත් ඒ ගැන විභාග කිරීමේදී මෙම හොරකම පිළිබදව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් ලබා දුන් තොරතුරුවලට අනුව ඉන්දීය යාත්‍රාවේ තිබූ බෝට්ටු එන්ජින් දෙකක් ඇතුලු රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනා භාණ්ඩ වෙළඳ සැලකට අලෙවි කොට තිබියදී සොයාගෙන තිබෙනවා.

ඉන්දීය යාත්‍රාව පැහැර ගත් බව එම ධීවරයින් මීට දින කිහිපයකට ඉහතදී රාමේස්වරන් පොලීසියට පැමිණිලි කොට ඒ සම්බන්ධයෙන් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සෝල් ජෙනරාල් කාර්යලය දැණුවත් කිරීමටද පියවර ගෙන තිබුණා.

එබැවින් සොරකම පිළිබදව සියලු තොරතුරු සනථ කර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි පේදුරුතුඩුව පොලීසිය පවසන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads