Global Platform For All Sri Lankans

පාසල් දරුවන්ට විශේෂ නිවාඩුවක්.. විශේෂ පණිවිඩය මෙන්න

 

බදුල්ලේ පාසල්වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් ඊයේ (04) සඳහන් කළා.

ඒ, 2024 ජනාධිපතිවරණය නිමිත්තෙන්.

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සදහා තෝරා ගත් බදුල්ල මාධ්‍ය මහ විදුහල, සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහලට මේ මස 13 සිට 24 දින දක්වාත්, ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරි කටයුතු සදහා පැමිනෙන පොලිස් නිලධාරීන්ට සහ අනෙකුන් නිළධාරින්ට නවාතැන් පහසුකම් ලබා දීම සදහා තෝරා ගත් බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල සදහා 19,20 දෙදින නිවාඩු ලබා දෙන අතර, ,ජනාධිපතිවරණය සදහා ජන්ද මධ්‍යස්ථාන ලෙස තෝරා ගත් දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සදහා 20 වනදින නිවාඩු ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළා.

ඒ, අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වැඩිදුරටත් කියා සිටියේ,බදුල්ල මාධ්‍ය මහ විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහල හැර දිස්ත්‍රික්කයේ සෙසු පාසල් ලබන 23 වන දින යලි ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් ,බදුල්ල මධ්‍ය මහ විදුහල සහ විශාඛා උසස් බාළිකා විදුහල ලබන 24 වන දින ආරම්භ කිරීමට නියමිත බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් අත්අඩංගුවට

  පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චියේදී අත්අඩංගුවට තිබෙනවා. ඒ, ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදමින් සිටින අවස්ථාවකදී

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads