Global Platform For All Sri Lankans

ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ විදුහල්පතිවරයෙකුට මාංචු..

තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාවක් ඡායාරූප ගත කිරීමේ චෝදනාවකට මුලතිව් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ සහතික කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ විදුහල්පතිවරයා පසුගිය 06 වනදා මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ දී තැපැල් ඡන්දය භාවිත කරන අතරතුර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති බව මුලතිව් පොලීසිය සඳහන් කළා.

ඔහු විසින් ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන අයුරු නිරීක්ෂණය කළ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනය පරික්ෂාවට ලක් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ඊයේ(07)  දිනයේ දී අදාළ විදුහල්පතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බවයි මුලතිව් පොලීසිය සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

2025 අදාළ ව , පාසල් කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි..

  ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads