Global Platform For All Sri Lankans

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්..

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා.

සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “2024 අංක 01 දරණ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” නිකුත් කරන ලද අතර, එය 2024.07.01 දිනැති අංක 2391/02 දරණ අතිවිශේෂ ගැසට්‌ පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම රීති 24.09.04 දින පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද අතර, එදින සිටම බලාත්මක වු බවද සඳහන්.

මෙම රීති මගින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම්, අවසරලත් ගෙවීම් සඳහා භාවිතයෙන් අනතුරුව ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කිරීම සඳහා අදාළ වන කාලසීමාව, අපනයන ආදායම ලැබුණු දින සිට, ලැබීම් ලද මාසය ඇතුළුව මාස තුන (03)ක් අවසන් වීමෙන් පසු මාසයේ දහවන (10 වැනි) දිනය දක්වා දීර්ඝ කර තිබෙනවා.

පෙර පැවති රීතිවලට අනුව අපනයන ආදායම ලැබුණු දිනට පසුව එළැඹෙන මාසයේ හත්වන දින අදාළ ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතුව තිබුණා.

මෙම නීතින්ට විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ( www.dfe.lk) හරහා ප්‍රවේශ විය හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

2025 අදාළ ව , පාසල් කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි..

  ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads