Global Platform For All Sri Lankans

මාලිගාවේ ෆ්‍රී ෂුට් ගැනිල්ලට හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්නගේ විරෝධය..

” මෙහෙම ගියොත්
මඟුල් මඩුවේ මගුල් උත්සවත් ගනිවී ”

දළදා මාලිගාව යනු දළදා වහන්සේ වැඩ සිටින උතුම් පුණ්‍ය භූමිය බැවින්, එහි ගෞරවයට හානි සිදුවන ආකාරයේ කිසිදු කාර්යකට ඉඩ නොදිය යුතුයැයි හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න පවසනවා.

දළදා මාලිගාව තුළ නව යුවළක් ෆ්‍රි ෂූට් හෙවත් ⁣පුර්ව මංගල ජායාරූප ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හිටපු දියවඩන නිලමේවරයා පවසන්නේ , එවැනි කාර්යයන්ට ලෝක බෞද්ධයන්ගෙ මුදුන්මල්කඩ වු දළදා මාලිගාව භාවිතා කිරිම නුසුදුසු බවයි.

තමන්ගේ නිල කාලය තුළ හා තම පියා දියවඩන නිලමේ ධුරය දරන කාලය තුළවත් , ඉතිහාසයේ සිටි කිසිදු දියවඩන නිලමේවරයකුවත් මෙලෙස දළදා වහන්සේට අබමල් රේණුවක තරමින්වත් අපහාස උපහාස වන ආකාරයේ සිදුවිම් කිසිවකට ඉඩ නොදුන් බවත් ,

එසේම, මෙම යුවළට හා කැමරා ශිල්පියාට හිතුමතේ මෙවන් ක්‍රියාවක් කළ නොහැකි බවත් ඒ සඳහා ඉඩ ප්‍රස්ථා ලබාදෙමින් පහසුකම් දුන්නේ කවුරුන්දැයි සොයා බැලිය යුතු බවත් ,

⁣ මහත් බැතියෙන් දළදා මැදුරට පැමිණෙන දරුවන් ජායාරූප ගැනිමට යාමේදි ඊට බාධාකරන සේවකයන් හා පොලිස් නිලධාරින්, මෙම මංගල ජායාරූප ගැනිම නොදුටු බවක් කියන්නේ නම් එය කිසිසේත්ම පිළිගත නොහැක්කක් බවද ,

පැරණි සම්ප්‍රදායන් බිඳදමා ලේකම්වරු අධ්‍යක්ෂකවරුන් ඇතුළු සේවකයන් අතිවිශාල පිරිසක් පත්ව සිටින මේ යුගයේදි දළදා මාලිගාවෙි මෙවන් සිදුවීම් හුදකලාව සිදුවිය නොහැකි බවද ,

එසේම,  දළදා වහන්සේට අගෞරවයක් සිදුවන මෙවන් ක්‍රියාවන් ඉදිරියටත් සිදුවිය හැකි බැවින්, මෙයින්ම මෙය නතර කිරිමට මහ නාහිමිවරුන්ගෙ මෙන්ම සෙසු බලධාරින්ගෙ අවධානය යොමුකළ යුතු බවත්, හිටපු දියවඩන නිලමේවරයා අවධාරණය කර සිටිනවා.

මෙහෙම ගියහොත්,  ඉදිරියේදි ඓතිහාසික මඟුල් මඩුවේ මංගල උත්සව පවා ගැනිමට සුදානම් වේවියැයි බොහෝ අය පැවසූ බවද දියවඩන නිලමේවරයා අවසන් වශයෙන් සඳහන් කළා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

2025 අදාළ ව , පාසල් කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි..

  ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads