Global Platform For All Sri Lankans

අතීතය මතකයට නැඟූ නාමල්..

 

තමන් සැමවිටම ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

රට සංවර්ධනය සදහා නිසි වැඩපිළිවෙලක් සිය පක්ෂය මඟින් හඳුන්වා දී ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

මූතුර් ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්, ඔහු මෙසේද සඳහන් කළා.

“අපි පැහැදිලිවම ප්‍රතිපත්ති ගරුක දේශපාලන පක්ෂයක්. එදා මේ නැගෙනහිර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තාවදයට කොටුවෙලා, අනාගතය පිළිබඳ බලාපොරොත්තු රහිතව වැඩිහිටියෝ ජීවත් වුණේ. නිදහස ලබාදුන්නා පමණක් නෙමෙයි අද නාවික, ගුවන් කෙන්ද්‍රස්ථානයක් බවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය, සේරුවාවිල පරිවර්ථනය වෙමින් පවතිනවා. අනෙක් පැත්තෙන් සංචාරක ව්‍යාපාරයට ප්‍රමුඛස්ථානයක් ලැබෙන නැගෙනහිර පළාතේ සංචාරක කේන්ද්‍රස්ථානයක් විදියට මේ ප්‍රදේශය සංවර්ධනය කළා. අපිට ඒ සැලැස්ම තිබුණා. මම නිර්මාණය කරන රාජ්‍ය තුළ සංචාරක ව්‍යාපාරය කේන්ද්‍රකර ගෙන ත්‍රිකුණාමල වරයා කේන්ද්‍ර කරගෙන සංචාරක නෞකා රැගෙන එන මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පරිවර්ථනය කරන්න. සියලු සංස්කෘතීන් ආරක්ෂා කරන ගමන් තරුණයින් අපේක්ෂා කරන අනාගතයක් ගොඩනගන්න අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දු අපි ගන්නවා.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

බිනර පුර පසළොස්වක පොහොය අදයි..

බිනර පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු සාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන්  කළ වැදගත්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads