Global Platform For All Sri Lankans

‘ලොකු පැටී’ ගේන්න පොලිස් කණ්ඩායමක් බෙලරුසියාවට..

 

වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු බව කියන ලොකු පැටී නැමැත්තා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ඉදිරියේදී පොලිස් කණ්ඩායමක් බෙලරුසියාවට යාමට සූදානමින් සිටිනවා.

ඒ වෙනුවෙන් මේ දිනවල පොලිස් මූලස්ථානයේ විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙන බවයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

එම තීරණවලට අනූව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉදිරියේදී බෙලරුසියාවට පිටත්ව යනු ඇති.

බෙලරුසියාවේ ආරක්ෂක අංශ විසින් සැකකාර ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොලිසිය වෙත දැනුම්දී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව හිරු නිවුස් වෙත පැවසුවේ.

ඒ සඳහා වන ලේඛණ මේ වන විටත් දෙරට අතර හුවමාරු කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මේ අනූව දෙරට අතර රාජතාන්ත්‍රික මට්ටමින් අදාල කටයුතු සිදුකෙරෙන බවද , සඳහන්.

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි ලොකු පැටි නැමැති අපරාධකරු පසුගියදා බෙලරුස් හරහා ප්‍රංශයට පලායාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත්තා.

ඒ එරට ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මතයි.

ඉන් පසුවයි එරට ආරක්ෂක අංශ විසින් සැකකරු බාරයට ගෙන ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

බිනර පුර පසළොස්වක පොහොය අදයි..

බිනර පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. භික්‍ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු සාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන්  කළ වැදගත්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads