Global Platform For All Sri Lankans

සිංහ ධේනුවන් ප්‍රබල කැංගරු දේශය සමග තරග බිමට… ඩිල්ෂාන් ගේ දියණිය ලිමංසාත් සංචිතයට

සිංහ ධේනුවන් ප්‍රබල කැංගරු දේශය සමග තරග වදි| ඩිල්ෂාන් ගේ දියණිය ලිමංසාත් සංචිතයට
ශ්‍රි ලංකා වයස අවුරුදු 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග තරගය අද පැවැත්වෙනවා. මෙම තරගාවලිය සදහා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ගේ දියණිය ලිමංසා ද සංචිතයට කැදවා තිබෙනවා.

පසුගියදා නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු තරගයෙන් ලකුණු 69ක ජයක් වාර්ථා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුනා. එහිදි ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා වයස අවුරුදු 19 පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 7 දැවී ලකුණු148 රැස් කරා. එහිදි පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්ත සංවර්ධන කාන්තා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කීරීමට හැකි වුයේ ලකුණු 79 පමණයි.

කෙසේ වුවත් මෙම සංචිතය සදහා ලිමංසා තෝරාගැනීම සම්බන්දයෙන් මීට පෙර විවිධ පාර්ශවයන් විසින් අදහස් පළකොට තිබෙනවා. එම තීරණය විවේචනය කරන පිරිස් පවසන්නේ ඇය කණ්ඩයාමට තෝරා පත් කර ගත් ක්‍රමවේදය විනිවිදභාවයෙන් තොර බවත් ය. නමුත් එම තීරණය අගය කරන පිරිස් පෙන්වා දෙන්නේ ලීමංසා ඕස්ටේලියාව තුළ ක්‍රිඩා කොට අත්දැකීම් ඇති බවත්, එසේම ඇය 2023/2024 ඕස්ට්‍රේලීයාවේ වික්ටෝරියානු U19 women’s emerging players සංචිතයට තේරී පත්වු දක්ෂ ක්‍රිඩීකාවක් බැවින් එම තීරණය නිවැරිදි බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads