Global Platform For All Sri Lankans

Lanka Hit News

දේශීය නර්තන කලාව පෝෂණය කළ, වජිරා චිත්‍රසේන ජීවන වේදිකාවට තිත තියයි !

 

හෙළ නර්තන කලාව පෝෂණය කළ වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 92 වැනි වියෙහි පසු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඇය, ඕනෑම අයෙකුට ජීවිතයේ එකම එක් වතාවක් පමණක් පිදෙන භාරතයේ ‘පද්ම ශ්‍රී’ ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබූ අයෙක්.

ලාංකේය සාම්ප්‍රදායික නර්තන ශිල්පිනියක සහ ගුරුවරියක ලෙස ප්‍රකට ඇය, මෙරට මුද්‍රානාට්‍ය කණ්ඩායම් කලාවේ පළමු ප්‍රධාන නාට්‍යාංගනාව ලෙස ද සැලකෙනු ඇති.

සාම්ප්‍රදායිකව පිරිමින් පමණක් ඉදිරිපත් කළ උඩරට නර්තනය ප්‍රගුණ කර වෙස් බඳින ලද පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන්නේද ඇයයි.

ඒ අනුව, කාන්තා උඩරට නැටුම් විලාසය සඳහා සන්නාමයක් නිර්මාණය කිරීම සහ කාන්තාවන් චාරිත්‍රානුකූල නර්තන ශිල්පිනියන් බවට පත් කිරීමේ ගෞරවය ඇයට හිමිවනවා.

ඇයගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳ පසු ව දැනුම් දීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads