හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධන පවසනවා.
ඔහු මේ බව පැවසුවේ, අද (24) එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
රනිල් වික්‍රමසිංහ යළි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බව ද ඔහු සඳහන් කළා.
එසේම, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේගුණවර්ධන යි.