Global Platform For All Sri Lankans

ඉන්ධන මිලට අද මොකද වෙන්නේ ?

මාසික ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ අදාළ ගාස්තු සංශෝධනය පසුගිය ආණ්ඩු සමයේදී මාසයේ අග සිදු කෙරුණු පසුබිමකයි.

කෙසේවෙතත්, පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත් ජාතික ජනබලවේගය විසින් ඉන්ධන මිල සූත්‍රය ඉවත් කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් තවමත් සිදු කර නැහැ.

කෙසේ වෙතත් , පසුගිය මාසයේ මිල සූත්‍රයට අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කිරීමට කටයුතු කළ අතර, එය මේ වනවිට රුපියල් 332කට අලෙවි වෙනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් අඩු කළ අතර එහි වත්මන් මිල රුපියල් 377ක්.

රුපියල් 10කින් මිල අඩු කෙරුණු සුදු ඩීසල් මේ වනවිට රුපියල් 307කට ලබා ගත හැකි වනවා.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහත දැමුණු අතර එහි අලෙවි මිල වන්නේ රුපියල් 352ක් භූමිතෙල් ලීටරයක් මේ වනවිට රුපියල් 352කට අලෙවි වෙනවා.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව ඉන්ධන අලෙවි කිරීමට මේ වන විට කටයුතු කරනවා.

තවද , ලෝක වෙළඳපොළෙහි ඉන්ධන මිල මේ වනවිට පහළ යමින් පවතින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

1970 වසරෙන් පසු ඇදහැලු‍ණු දරුණුතම වර්ෂාවෙන් , මියගිය ගණන ඉහළට

නේපාලයට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමඟ ගං වතුර සහ නායයෑම්වලින් පුද්ගලයින් 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දින දෙකක්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads