එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරාළ පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසනවා.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, තලතා අතුකෝරාළ එජාපයේ මහලේකම් ධූරයට පත්වන පළමු කාන්තාව ද වනවා.
Author: Lanka Hit News
Post Views: 50