Global Platform For All Sri Lankans

Lanka Hit News

කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ චෝදනාව ගැන විමර්ශනයක්

 

ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය නිවස ඉදිරිපිට වෙළදසැලකට යමින් සිටියදී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මත අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේද අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව, අදාල සිදුවීම සහ එහිදී එම පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය ඇතුලු කරුණු පිළිබද සොයාබැලෙනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කළේ.

අතුරුගිරිය හල්බරාව ප්‍රදේශයේ පිහිටි සිය නිවස අසල වෙළදසැලකට යාමේදී හැදුනුම්පත සන්තකයේ නොමැතිවීම මත තමන් මෙලෙස ඊයේ පස්වරුවේ පොලිසියට රැගෙන ගිය බව ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල අප ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

කෙසේ වෙතත්, අදාළ පාර්ශවය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් යොමු කළ පසු විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.

 

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads