කොළඹ සිට ලන්ඩන් බලා පියාසර කරන ශ්රී ලංකන් ගුවන් යානාවල ගමන් මාර්ගයේ සුළු වෙනසක් සිදුකර තිබෙනවා.
මැද පෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
ඉරානය ඊශ්රායලයට මිසයිල ප්රහාර එල්ල කිරීමත් සමග ඉරාක ගුවන් සීමාව මගහැර ඊජිප්තුව හරහා නව ගුවන් මාර්ගය භාවිත කිරීමට ශ්රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.
එම ගුවන් ගමන සඳහා ගතවන කාලයේ සුලු වෙනසක් සිදුවිය හැකියි.
කෙසේ වෙතත්, මෙය තාවකාලික පියවරක් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.