Global Platform For All Sri Lankans

අවුරුදු හතරකට පසු මෛත්‍රී ලියපු පොත එළියට

 

තමන්ගේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණින්, 2014 වසරේදී ආණ්ඩුවෙන් ඉවත්වී පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

සිය චරිතාපදානය වන ‘මෛත්‍රීපාල සිරිසේන සිහිනය – නොනිමිය’ ග්‍රන්ථය පසුගියදා (04) එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“මේ පොත අවුරුදු තුනක් ලිව්වා. ඒ අවුරුදු තුනක් ලිව්වේ, මම ජනාධිපතිධුරය දරණ කාලේ. ඊට පස්සේ මේ පොත මේ රටේ මුද්‍රණය කිරීම සුදුසු ද කියන ප්‍රශ්නය මට ආවා. මේ පොතේ තිබෙන අභ්‍යන්තර කරුණු ගත් විට ඒක කොතෙක් දුරට යහපත් වෙයි ද කියන කාරණාවත් හිතුවා.

ඒක නිසා මේ පොත මුද්‍රණය වුණේ ලංකාවේ නෙවෙයි. මේ පොත මුද්‍රණය වුණේ විදේශ රටක. විදේශ රටක මුද්‍රණය කරලා ලංකාවට ගෙනල්ලත් මේ පොත එළිදක්වන්නේ නැතිව අවුරුදු පහක් තිබුණා. ඒ මේ පොත එළිදැක්වීය යුතු සුදුසු අවස්ථාවක් එනතෙක්.

වර්තමාන අලුත් රජය ආවාට පස්සේ මං කල්පනා කෙරුවා. දැන් තමා මේ පොත එළිදක්වන්න හොඳම වෙලාව. මේ පොත අවුරුදු 4ක් මුද්‍රණය කරලා තියාගෙන ඉඳලා, අලුත් ආණ්ඩුව ආවාට පස්සේ මේ පොත එළිදැක්වීම මේ පොත ලියපු අයටත්, මටත්, ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච අයටත් කාටවත් කරදරයක් වෙන එකක් නැහැ කියලා.

මීට කලින් කෙනෙක් ලියපු පොතක් අවුරුදු 4ක් එළිදක්වන්නේ නැතිව තියාගෙන ඉඳලා තියෙනවා ද.? ඔබ පවා මේ පොත කියව්වේ නැති නිසා හිතන්න පුළුවන් මේ පොතේ විශේෂයෙන්ම මාව අවුරුදු 7කට 8කට ආසන්න කාලයක් බරපතල ලෙස නින්දාවට, අපහාසයට සහ අසත්‍ය ප්‍රචාර නිකුත් කරලා මාව ඉතාමත් පහත්කොට මා පිළිබඳව කතා කරන අය, ඒගොල්ලන් මේ පොත ගැන බලාගෙන ඇති. මම පාස්කු ප්‍රහාරය මොනවාද කියලා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔය පොතේ වචනයක්වත් නැහැ. මේ පොත තව ටිකක් දික් කරලා පාස්කු ප්‍රහාරයේ කරුනුත් එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් වෙනවා. ඒක තවත් මාස කිහිපයකින් සිදුවෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් වෙන මේ පොත මීට වඩා කරුණු සහිතව තිබෙනවා. පාස්කු ප්‍රහාරයට මම සම්බන්ධයි. මම දැනුවත්වයි වුණේ, දැනුවත් කළා, රට ගැන හිතුවේ නැහැ. මිනිස්සු ගැන හිතුවේ නැහැ. ජනතාව ගැන හිතුවේ නැහැ කියලා.. අසරණ මිනිස්සු මිය යන්න දීලා මෙයා බලාගෙන හිටියා කියලා කියන අයට මම මෙතැනදී එක උත්තරයක් දෙනවා හාමදුරුවනේ..

ඒ තමයි, ඊට මගේ අබ පියල්ලක් දැනුවත්භාවයක් හෝ සම්බන්ධයක් හෝ කිසියම් හෝ ආකාරයකට තොරතුරු ලැබීමක් තිබුණා නම් මේ පොතේ අද නම එන්නේ, මෛත්‍රීපාල සිරිසේන සිහිනය නොනිමිය කියලා නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන සිහිනය නිමිය කියලා තමා නම එන්නේ. ඒක සඳහන් කරන්නට ඔනේ.

ඒක නිසා, මට සිහිනයක් තිබුණා. විශේෂයෙන්ම ඒ සිහිනය සැබෑ කරගන්න. මම 2014 තිබුණ ආණ්ඩුවෙන් එළියට ආවා. මම අවුරුදු 05කට මාස එකහාමාරකට අඩුවෙන් ජනාධිපති ධුරයේ හිටියා. ඒ කාලය තුළ ම‌ගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වුණේ නැහැ. රට සහ ජනතාව වෙනුවෙන්.

මම විශාල බලාපොරොත්තු රාශියක් ඇතිව එදා ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා, පොදු අපේක්ෂකයා විදිහට ජයග්‍රහණය කරලා දිවුරුම් දුන්නේ. නමුත් කාලයක් යන විට මට තේරුම් ගියා මගේ දර්ශනය, මගේ චින්තනය, මගේ ප්‍රතිපත්ති, මගේ සැලැසුම්, රට ගැන ජනතාව ගැන තිබෙන දේවල් මට කිරීමේ විශාල බාධාවක් තිබෙනවා කියලා.

ඒ බාධාව තුළ මට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නැහැ. විපක්ෂය නැහැ. මම ජනාධිපතිධුරයේ වැඩ කළේ, මට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් නැතිව විපක්ෂයත් නැතිව.

මට මගේ සිහිනය සැබෑ කරගන්න තිබුණා, පාස්කු ප්‍රහාරය එල්ල වුණේ නැත්නම්. මගේ සිහිනය සැබෑ නොවුණේ, නොනිමිය සිහිනය කියලා පොත් එළිදක්වන්න වුණේ, පාස්කු ප්‍රහාරය නිසයි. මම ඊට වැඩිය ඒ ගැන කතා කරන්නේ නැහැ.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

බදු ගෙව්වේ නැත්නම්, ගෙදර එනවා..

  සැප්තැ­ම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ග­ල­යන්ගේ පරි­ශ්‍ර­යන් වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩ­පි­ළි­වෙ­ළක්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads