Global Platform For All Sri Lankans

සතුටුවන වැඩබලන පොලිස්පති

 

ජනාධිපතිවරණයේදී පොලිසිය ඉතා හොඳින් කටයුතු කළ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

තම සේවා කාලයේ දුටු සාමකාමීම පශ්චාත් මැතිවරණ සමය මෙය බවත් අලුත් සංස්කෘතියක් ඇතිවූ බවත් ඔහු එහිදී සඳහන් කළා.

කල්කුඩා ප්‍රදේශයේ පසුගියදා (05) පැවති උත්සවයකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ අදහස් පලකලා.

“දේශපාලන පරිවර්තනයකින් පසු ඉතාමත් අමාරුම කාලයක් තමයි පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා. මගේ සේවා කාලයේ දුටු සාමකාමීම පශ්චාත් මැතිවරණ සමය මේ මැතිවරණයෙන් පස්සේ. අලුත් සංස්කෘතියක් මේක. අපි මේවා ඉදිරියට නඩත්තු කළ යුතුයි. එයින් වැඩිම පහසුව සැලසෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. එවැනි අවස්ථාවක් සැදූ දේශපාලන අධිකාරියට ස්තූතියි. ඒ වගේම පොලීසියේ ඉහළම කාර්යක්ෂමතාව ප්‍රදර්ශනය කරපු මැතිවරණයක්. පොලිසිය වැටී සිටි තැනින් නැගිටලා. පොලිසිය පිළිබඳ ඉහළ ප්‍රතිරූපයක් ඇති වුණා එම ක්‍රියාකාරීත්වය දෙස් විදෙස් ප්‍රශංසාවට ලක්වෙලා තියෙනවා.”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

බදු ගෙව්වේ නැත්නම්, ගෙදර එනවා..

  සැප්තැ­ම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ග­ල­යන්ගේ පරි­ශ්‍ර­යන් වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩ­පි­ළි­වෙ­ළක්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads