Global Platform For All Sri Lankans

ටෙක්නිකල් හන්දියේ දී කාන්තාවක් ඝාතනය කෙරෙයි

 

කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී, අද (07) අලුයම තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

අදාළ කාන්තාවට තියුණු ආයුධයකින් පහරදීමෙන් පසු , බරපතළ තත්ත්වයේ පසුවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි සඳහන්.

මරණකාරිය වයස අවුරුදු 32ක් වයසැති අයෙක් වන අතර, ඇයගේ ස්ථීර පදිංචි ලිපිනය මෙතෙක් අනාවරණ වී නොමැති බවද සඳහන්.

එසේම, ඇය තවත් පුද්ගලයෙකු සමඟ ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

බදු ගෙව්වේ නැත්නම්, ගෙදර එනවා..

  සැප්තැ­ම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ග­ල­යන්ගේ පරි­ශ්‍ර­යන් වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩ­පි­ළි­වෙ­ළක්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads