නෙලුම් කුලුනෙන් පැන සිය දිවි හානිකරගත් 16 හැවිරිදි පාසල් සිසුවිය ඊයේ පස්වරුවේ එහි පැමිණ කෙටි කාලයක් තුළ අවස්ථා කිහිපයකදීම ඉන් පහළට පැනීමට උත්සහා දරා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
සී.සී.ටීවල සටහන්ව ඇත්තේ ඇය ඊයේ පස්වරු 2.45 ට පමණ එහි පැමිණ ඇය විනාඩි 15 ත් 20ත් අතර කාලයක අවස්ථා කිහිපයකදීම ඉන් පැනීමට උත්සහ කර ඇති බවටයි.
එක් අවස්ථාවක ඇය සියදිවි නසා ගැනීමට කුළුණෙන් පැනීමට උස් ස්ථානයකට නැග තිබුණද පාවහන් පැළද සිටීම හේතුවෙන් ඊට බාධා වී තිබෙනවා.
ඉන් පසුවයි නැරඹුම් මැදිරියේ වෙනත් ස්ථානයකදී පාවහන් ගලවා ඉන් පැන ඇත්තේ.
මේ අතර සියදිවි නසා ගත් මෙම සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද පැවැත්වුණා.
ඉන් අනතුරුව ඇගේ මෘත ශරීරය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවකට රැනෙ ගිය බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
කෙසේ වෙතත් මෙම සිසුවිය එලෙස සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
මෙම දැරිය මීට මාස තුනකට පෙර කොම්පඤ්ඤවීදිය මහල් නිවාස සංකීර්ණ ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානි කරගත් සිසුන් දෙදෙනාගේ මිතුරිය බවත් තොරතුරු වාර්තා වෙනවා.
නැරඹුම් මැදිරියේ තිබී ඇයගේ පාසල් බෑගය සොයාගත් අතර එහි තිබී පාසල් නිල ඇදුම, පොතක් සහ ජංගම දුරකතනය පොලිසිය සොයා ගත් අතර ඇයගේ උපැස් යුවලක්ද පසුව සොයා ගත්තා.