Global Platform For All Sri Lankans

Lanka Hit News

අගුළු වැටුණු පාකිස්තානය..?

පාකිස්තානයේ අගනුවර දැඩි ආරක්ෂක අගුළු දමා ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ඒ මේ සතියේ ෂැංහයි සහයෝගීතා සංවිධානයේ රජයේ ප්‍රධානීන්ගේ රැස්වීමකට පෙර චීන අගමැති ලී ක්වියාං නගරයට පැමිණීමත් සමගයි.

චීන ලී ගේ සංචාරය වසර 11 කට පසු චීන අග්‍රාමාත්‍යවරයකු පාකිස්තානයට පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරනවා.

පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ගුවන් තොටුපළේදී චීන අගමැති ලී ක්වියාංව පිළිගත් බව සඳහන්.

මේ අතර පකිස්තාන රජය විසින් ඉස්ලාමාබාද්හි දින තුනක රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා ආරක්ෂාව වෙනුවෙන් විශාල පොලිස් සහ පැරාමිලිටරි හමුදා යොදවා තිබෙනවා.

පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, අගනුවර රතු කලාපයේ, පාර්ලිමේන්තුව පිහිටි ස්ථානය සහ රාජ්‍ය තාන්ත්‍රික ආවරණයක් සහ බොහෝ රැස්වීම් පැවැත්වෙන ස්ථානවල ආරක්ෂාව සඳහා පාකිස්තාන හමුදා භට පිරිස් යොදවා ඇති බවයි.

පසුගියදා චීන ඉංජිනේරුවරුන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ පතල් කම්කරුවන් 21 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම නිසා පකිස්තානය තුළ ත්‍රස්තවාදී තර්ජන මතුව තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads