Global Platform For All Sri Lankans

Lanka Hit News

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ධුරයට අයඳුම්පත් කැඳවෙයි..

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම” නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතු වනවා.

එලෙස නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 ඔක්තෝබර් මස 28 වනදා හෝ ඊට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ  යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව පාර්ලිමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් “අල්ලස්  හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ  ජනරාල්වරයා පත්කිරීම” යනුවෙන් සඳහන් කළ යුතු වනවා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads