Global Platform For All Sri Lankans

ඉතිහාසගත ජයක් ? ශ්‍රී ලංකා පිල අද තරග බිමට..

 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් 20යි 20 තරගය අද (17) පැවැත්වෙනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පැවති තරග දෙක එකට එකක් ලෙස ජය ගනිමින් කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන බැවින් මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වනවා.

අද තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයගත හොත්, ඔවුන් මෙරටදී විස්සයි 20 තරගාවලියක් නොකඩවා ජය ගන්නා දෙවැනි අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අද ජය ගැනීමට හැකිවුවහොත්, කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව ජය ගන්නා පළමු විස්සයි 20 තරගාවලිය මෙය වීම විශේෂත්වයක්.

ඉතිහාසයේ කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා පිල කොදෙව්වන්ට එරෙහිව විස්සයි 20 තරගාවලියක් ජයගෙන නොමැති අතර, අද තරගය ජය ගතහොත් මෙය ඉතිහාසගත ජයක් වනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads