Global Platform For All Sri Lankans

අද නිකුත් වෙන , අතිවිශේෂ ගැසට්ටුව..

 

ලබන මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි වියදම් සීමාව ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත භාරදීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ සම්බන්ධයෙන් යෝජනා රැස්කිරීමට පසුගියදා පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසම වෙත කැදවා තිබූ අතර ඒ අනුව, බොහෝ දුරට එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල රුපියල් 109 ට අඩු අගයක් ගනු ඇති බවයි පක්ෂ ලේකම්වරුන් අනාවරණ කළේ.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගේ මනාප අංක මේ වන විට නිකුත් කර තිබෙනවා.

එසේම, සියලු‍ම සංස්ථා, මණ්ඩලවල සභාපතිවරුන් සහ සියලු‍ අමාත්‍යාංශ ලේකම්වරුන්ද ඊයේ (16) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණා.

ඉදිරි කාලසීමාව තුළ රාජ්‍ය දේපළ අවභාවිත නොකර පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads