Global Platform For All Sri Lankans

බිත්තරය ගැන ඇහෙන අලුත්ම කතාව

 

බිත්තර මිල සම්බන්ධයෙන් ජනතාවට සහනාධාර ලබා දීමට නම් බිත්තර දමන කිකිළියන් සංඛ්‍යාව ඉහළ දැමීමට රජය ආයෝජනය කළ යුතු බව ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පවසනවා..

බිත්තර සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීම නිසා නොනවත්වා මිල ඉහළ යන බවයි ඔහු පවසන්නේ.

මෙම මිල පාලනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම නිසා මාලදිවයිනට පවා අපනයනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ බිත්තර සහ කුකුළු මස් වෙළඳපොළ පහළ වැටී ඇති බවයි ඔහු පැවසුවේ..

අධික නිෂ්පාදන පිරිවැය නිසා කිකිළියන් පෝෂණය කිරීමේදී ඇතිවන දුෂ්කරතා අභියස නිෂ්පාදකයින් කිකිළියන් මස් ලෙස විකිණීමේ ප්‍රවණතාවයක් ඇති බවයි ඔහු පවසා සිටියේ..

එමෙන්ම දැනට රට තුල සිටින කිකිළියන් මස් නොවීමට වග බලා ගත යුතු බවත්, එමඟින් දැනට දිනකට සිදුවන බිත්තර මිලියන 7ත් 8ත් නිෂ්පාදනය හෝ රැකගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ…

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads