Global Platform For All Sri Lankans

මධ්‍යම අධිවේගී මාර්ගය හදන්න , ජනපති උපදෙස්

 

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා.

දුම්රිය මාර්ග සම්බන්ධ ව්‍යාපෘති දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු වන පරිදි කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

අක්‍රමවත්ව පවතින මෙරට කෘෂි කර්මාන්තය සංවර්ධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads