බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ රක්ෂිත බන්ධනාගාරයේ සිටින ඔහුගේ බිරිඳට එරෙහි නඩුව අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
නීති විරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළවයි පසුගිය 31දා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තේ.
එදින ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි ඔහුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ.
Author: Lanka Hit News
Post Views: 2