හබරාදුව මැතිවරන බල ප්‍රදේශයේ උත්සව ශාලාවක සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරින් විසින් නතර කිරිමට පියවර ගෙන තිබෙනවා.
මෙම් රැස්විම හා සාදය ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු විසින් සංවිධානය කර ඇතැයි වාර්තා වනවා.
හබරාදුව, ඉමදුව යන ප්‍රදේශවල පිරිස බස් රථ වලින් එම ස්ථානයට ප්‍රවාහනය කර තිබෙනවා.
එම උත්සව ශාලාවේ සුදානම් කර තිබු ආහාර පාන තොගයක් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගේ බාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු කිරීම සදහා ඊයේ (07) රාත්‍රියේ හබරාදුව පොලිසිය වෙත භාර දී තිබෙනවා.
උත්සව ශාලාවල හෝටල්වල රෑස්වීම් පැවැතිවිය හැකි වුවත් මත්වතුර සාද සංග්‍රහ කටයුතු කිරිම කළ නොහැකි බව මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානය පවසනවා.