Global Platform For All Sri Lankans

ව්‍යාපාරිකයෙකුගේ රන් පෙන්ඩන්ඩ් 4ක් ගුවන්තොටේ දී උස්සලා..

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04ක් කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාරික කාන්තාවක් ඊයේ (07) දින ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් විවිධ භාණ්ඩ වර්ග මෙරටට රැගෙනවිත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටින පුද්ගලයෙක්.

අදාළ අව්‍යාපාරිකයා පසුගිය 06 වන දින අලුයම 05.00ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා .

ඔහු එරටදී ග්‍රෑම් 118 යි මිලි ග්‍රෑම් 980 ක් බරැති රත්තරන් පෙන්ඩන්ට් 04 ක් මිළදී ගෙන, එවා අත්පිසිනා කඩදාසි ලේන්සු දෙකක ඔතා, බ්‍රවුන් පේපර් කඩදාසි බෑගයක බහා ඇත්තේ, පිටතට චොක්ලට් ලෙස පෙනෙන පරිදියි.

ඔහු විසින් රැගෙන ආ අනෙකුත් භාණ්ඩ තොගය, ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්තයක පටවා ඔහු හදුනන තවත් ව්‍යාපාරික කාන්තාවක් වෙත, ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යන ලෙස පවසා ගුවන්තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ දී භාර දී තිබෙනවා .

එහිදී ඔහු මිළ දී ගෙන තිබූ රන් පෙන්ඩන්ට් බහා ලූ බ්‍රවුන් පේපර් කඩදාසි බෑගය මෙම ට්‍රොලි කරත්තය මත වූ කුඩා බහලුම් කොටසෙහි තබා ඇති බව සඳහන්.

ඇය 43 හැවිරිදි මීතොටමුල් , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ගුවන් මගින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරික කාන්තාවක් .

ඇය මෙම ට්‍රොලි කරත්තය ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්ත තල්ලු කර ගෙන යාම සදහා සිටින ” පෝටර්වරයෙකු ” යොදා ගනිමින්, ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන විත් භාර දී තිබෙනවා .

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම භාණ්ඩ සියල්ල, පරිලෝකන යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීමකට ලක් කර ඇති අතර, චොක්ලට් යැයි පෙනෙන බ්‍රවුන් පේපර් කඩදාසි බෑගය එම පරීක්ෂා වට ලක් නොකර තිබුණා .

ඉන්පසු කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි මෙම කාන්තාව අදාල බඩු තොගය ව්‍යාපාරිකයාට භාර දී ගුවන් තොටුපොළන් පිටව ගොස් තිබෙනවා .

මද වේලාවක් ගත වූ පසු තම රන් පෙන්ඩන්ට් නොමැති බව වටහා ගත් එම ව්‍යාපාරිකයා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඒ අනුව පොලිසිය වැල්ලම්පිටිය ප්‍රදේශයට ගොස් එම ව්‍යාපාරික කාන්තාව සමග ඇය සොරා ගෙන ගිය රන් පෙන්ඩන්ට් 04 ද අත්අඩංගුවට ගෙන අද (08) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads