අද (08) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 791,798 ක් ලෙසයි. එය ඊයේ (07) දිනයට සාපේක්ෂව රුපියල් 12,837 ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 27,930 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,610 ක් සහ රුපියල් 24,440 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 223,450 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 204,850 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 195,550 ක් ලෙසත් සඳහන්ව තිබුණා.