2024 මහමැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා බදුල්ලේ තෝරාගත් පාසල් කීපයකට අද (08) සිට නිවාඩු ලබා දුන් බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව පළාතේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සෙසු පාසල් සියල්ල සඳහා 13 වන බදාදා දින සිට නිවාඩු ලබා දෙන බවයි, එහි ලේකම්වරයා කියා සිටියේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම මෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරාගෙන ඇති බදුල්ල ධර්මදූත විදුහල සඳහා ඊයේ (07) සිට නිවාඩු ලබාදී ඇති බව සඳහන්.
ඡන්ද පෙට්ටි නිකුත් කරන, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගත් බදුල්ල මධ්‍යම මහවිදුහල සහ තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරාගෙන ඇති බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහලට අද (08) සිට නිවාඩු ලබාදී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පැමිණෙන පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සහ රියදුරන්ට නවාතැන් පහසුකම් සලසා දීම සඳහා බදුල්ල විහාරමහාදේවි බාළිකා විදුහල සහ බදුල්ල සරස්වති මහ විදුහල තෝරාගෙන තිබෙනවා.
ඒ අනුව එම පාසල් සඳහා 12 වැනිදා සිට නිවාඩු ලබා දෙනු ඇති.
මැතිවරණ රාජකාරි සඳහා පැමිණෙන කාන්තා පොලිස් නිලධාරින් සඳහා බදුල්ල දෙමළ බාළිකා විදුහල තෝරාගෙන ඇති එම එහි සිසුවියන්ට ලබන 13 වන බදාදා සිට නිවාඩු ලබා දෙන බව සඳහන්.
මහමැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස තෝරා ගත් පළාතේ පාසල් සඳහා ලබන 13 වන බදාදා දින නිවාඩු ලබා දෙන බවයි ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කියාසිටියේ.
මෙම පාසල් සියල්ල ලබන 18 වන සදුදා දින සියලුම පාසල් යළි සාමාන්‍ය පිරිදි ආරම්භ වීමට නියමිතයි.
මේ අතර මහමැතිවරණය හේතුවෙන් දිවයිනේ ඇති සියලු පාසල් සඳහා ලබන 13 වැනිදා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණ තිබෙනවා.