නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කය තුළ මැතිවරණ රාජකාරි ක්‍රියාත්මක කිරීමේ පූර්ව කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.
දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන ප්‍රකාශ කළේ, මෙය වැසි සහිත කාලසීමාවක් බවයි.
එම තත්ත්වයට ඔබින ආකාරයෙන් මැතිවරණ කටයුතු සංවිධාන කිරීමට යොමු කර ඇති බව සඳහන්. බදුල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 530ක ඡන්ද විමසීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.
ඡන්ද පෙට්ටි රැගෙන එමේ කටයුතු සහ ඡන්දය දැමීම සඳහා මධ්‍යස්ථාන වෙත ඡන්දදාකයින් හට යෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි, ප්‍රභාත් අබේවර්ධන කියා සිටියේ.
ඒ අනුව පවතින කාලගුණික තත්ත්වය මත සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම මුල් කරගෙන ආපදා කළමණාකරන සැලැස්මක් සංවිධාන කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එය ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්හට අවශ්‍ය මග පෙන්වීම සිදුකර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
14 වැනිදා පස්වරු හතරට ඡන්දය විමසීමේ කටයුතු අවසන්ව වහාම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන ඒමේ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් බාධාවකින් තොරව සිදුකර ගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙළ මේ වනවිටත් සකස් කර ඇති බවයි, දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.