මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා අධිකරණ මගින් රියැදුරු බලපත්‍ර 3,249ක් අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේ, රියදුරන් විසින් සිදු කරනු ලැබු විවිධ වැරදි සඳහා පැවති නඩු විභාගවලදී අධිකරණ මෙම නියෝග නිකුත් කර ඇති බවයි.